මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ශිෂ්‍යත්වය සමත් අපේ හපන්නු

22339593_1888916204459171_4897720358762780784_o.jpg
22339593_1888916204459171_4897720358762780784_o.jpg

පාසලේ ඉතිහාසය

මෙම පාසල ආරම්භ කිරීමට මුල් වූ හේතුව විමසා බැලීමේදී වටපිටාවේ වෙනත් පාසලක් නොමැති නිසා ප්‍රදේශයේ දූ දරුවන්ට විදුහලක අවශ්‍යතාවය විද්වතුන්ට හැගී ගිය නිසා පාසල ආරම්භ කිරීමට සුදුසු තැනක් සොයා බැලීමේදී වර්තමානයේ පිහිටි ස්ථානයේම අක්කරයක භූමි ප්‍රෙද්ශයක් තෝරා ගෙන ඇත. වැර්ෂ 1890 දී පොල් අතු සෙවිළි කල කුඩා මඩුවක සිසුන් දහතුන් දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලය එක් අයෙකුගෙන් ආරම්භ කළ මෙම පාසල පසුව ප්‍ර දේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ශාලාවක් නිසා ළමුන් 51 ක් දක්වාද ආචාර්යමණ්ඩලය තිදෙනෙක් දක්වාද වර්ධනය වී ඇත. මෙම පාසලේ ආරම්භක විදුහල්පතිතුමන් වන රොබෝසිංඤ්ඤෝ ගුරු පියාණන් මෙහිදී ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මුල් කාලයේදී ගැහැණු පිරිමි ලෙස තාප්පයකින් වෙන් කර තිබුණි. වර්තමානය වන විට සිසුන් 1081 ක්, ගුරුවරුන් 45 ක් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත 2 වර්ගයේ මිශ්‍ර පාසලක් ලෙස පවතින අතර අප පාසලේ ආදර්ශ පාඨය පමා නොවෙමි යන්නයි.

ප්‍රාථමික පාසල් ජාලයක් සදහා ද්විතියික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අප පාසල විචාරවත් කර ඇති අතර ඒ අනුව පාසල් පහක් අප පාසලට අනුබද්ධ කර ඇත. බඩල්ගම සරණතිස්ස කණිෂ්ඨ විද්‍යාලය, දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලය, මරදගහමුල ආනන්ද කණිෂ්ඨ විද්‍යාලයසහ හේන්පිටගෙදර ඥානසීහ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් එයට අයත් වේ.

 

පැරණි නිල ලාංඡනය
පාසලට මුල් ගල තැබූ දා ඡායාරූපය හා